Monday, October 18, 2010

                                           ප්‍රථමයෙන් මා මාක්ස් ගෙන් සමාව අයැද සිටිමි.මා ඔහුට සීයා කීවේ අපහාස කිරීමේ අරමුණකින්නම් නොවේ.ඔහු යුග ගනනාවකට පෙර බිහිවු දැවැන්ත දාර්ශනිකයෙකු හෙයිනි.

                                             "දාස් කැපිටාල්" ඔහුගේ ජීවිතයේ විප්ලවීය කෘතියයි.නූතන සමාජයටනම් එය පුස්කොළ පොතකි.ගන ගොත්‍ර යුගය,වහල් යුගය.......,නුතන දනපති යුගය අවසානයේ සමාජවාදි නව යුගයක් බිහිවිය යුතුය.ඒ ඔහුගේ අදහසයි.මාද එය තරමක් විශ්වාස කරයි.වෙනකක් නොව නූතන සමාජීය විප්ලවයක අවශ්‍යතාවය මාහටද දැනී ඇති බැවිනි.මා සමාජවාදියෙකු නොවේ,නමුත් නූතන සමාජ විප්ලවය අපේක්ෂාවෙන් සිටින්නෙක්මි.දැන් ඔබ බලා සිටින්නේ එකී සමාජ විප්ලවයේ විප්ල්වීය අවියක් දෙස වීම පුදුමයක් නොවේදැයි සිතන්න..එකී සමාජ විප්ලවයේ තේමාපාඨය මේවනවිටද ඔබගේ මනසේ නොනැගී ඇත්නම් එයද පුදුමයකි.
                                            පරිඝණකය මාකී විල්වයේ අවියක් වී තොරතුරු තාක්ෂණය එහි තේමා පාඨය වි ඇත.බොහෝ විට ඔබට එය සිනාවට කරුනකි.තොරතුරු තාක්ෂණය සමාජ විප්ලවයක තේමාපාඨය වන්නේ කෙසේද?පරිඝණකය,ජංගම දුරකථනය ,අන්තර්ජාලය එහි අවිආයුද වන්නේ කෙසේද? ම්දකට පෙර සිතුවිලි අවකාශ ගතකොට මෙසේ සිතන්න."තොරතුරු තාක්ෂණය පදනමින් විප්ලවයක් සිදුකල නොහැකිද?"මා දන්නා පමනින් නම් ඔබට එසේ නොහැකියැයි කිව නොහැක.ඔබ නොහැකියැයි කියනවානම් ඔබ විප්ලවයක් යනුවෙන් අදහස් කරන්නේ,කල කෝලහල,පවතින රජය පෙරලීම ආදී ගොත්‍රික ක්‍රියාකාරකම්ය.මතක තබාගන්න විප්ලවයක් යනු වෙනසකි.එනම් තොරතුරු තාක්ෂණ විප්ලවයක් යනු කුමක්ද?සිතීමට කාලයක් ලබාදීම වටීයැයි සිතමි.නිදහස් අවකාශයේ මනස නිදහස්කොට තොරතුරු තාක්ෂණයේ සේයාව ඔස්සේ සිතන්න.මාගේ මීලග ලිපිය කියවනවිට එකී සේයාව ඔබේ මනසේ වේද,ඔබ එකී විප්ලවයේ ඉදිරිපෙල සොල්දාදුවෙකි.